කෙහෙල්බද්දර ප්රදේශයේ සියනෑ මාර්ගයේ වෙන්දේසි ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ගම්පහ පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් විසින් පොහොර උරයක බහා තිබූ මෙම රිවෝල්වරය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙ නැමැත්තාට අයත් බව කියක හෝටලයක් ආසන්නයේ පිහිටි ඉඩමක තිබීයි මෙම රිවෝල්වරය හමුව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
1
+1





