සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයෙකු වන ‘ගම්පහ දේවා’ නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු තායිලන්තය බලා පිටත්ව යාමට ඊයේ (03) උදෑසන ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනුයි ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමටයි පියවරගෙන ගත්තේ.
ඒ, අනුව සිදුකළ විමර්ශනවල දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 440ක් සහ ස්වයංක්‍රීය ගිනිඅවි වලට යොදන උණ්ඩ 09ක් ද සොයාගෙන තිබෙනවා.
මේ අතර මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
විදෙස් රටක සිට දුරකථනය ඔස්සේ මෙම මරණ තර්ජන එල්ලවන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
.





