‘ගම්පහ දේවා’ ගැන විමර්ශන සිදුකරන පොලිස් පරීක්ෂකවරයාට විදෙස් රටක සිට මරණ තර්ජන (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයෙකු වන ‘ගම්පහ දේවා’ නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු තායිලන්තය බලා පිටත්ව යාමට ඊයේ (03) උදෑසන ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනුයි ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමටයි පියවරගෙන ගත්තේ.

ඒ, අනුව සිදුකළ විමර්ශනවල දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 440ක් සහ ස්වයංක්‍රීය ගිනිඅවි වලට යොදන උණ්ඩ 09ක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

විදෙස් රටක සිට දුරකථනය ඔස්සේ මෙම මරණ තර්ජන එල්ලවන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38