පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී අවුරුදු 08ක දරුවෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි පාසලේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ හෙලෝන් සසාන් නැමැති පිරිමි ළමයෙක්.
වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදිකිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් කපා තිබෙනවා.
එම වළේ වැසි ජලය පිරී තිබෙන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් ළමයා වළට වැටෙන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
තම පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බලා ඇති පියා, අත්වූ සැකයක් මත ඊයේ (03) පස්වරුවේ අලුතින් කපා තිබූ වැසිකිළිවල පරීක්ෂා කර තිබෙනවා.
එම අවස්ථාවේ දී වළ තුළ තිබී දරුවා සොයාගැනීමට හැකිව ඇති අතර, පසුව දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.
දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.
මිය ගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.





