මාරවිල – මුදුකටුව වෙරළ තීරයේ පුද්ගල ඝාතනයක් – තවත් අයෙකුට තුවාල

මාරවිල – මුදුකටුව ප්‍රදේශයේ වෙරළ තීරයේ දී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමකින් පසුව සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.

ඊයේ (03) රාත්‍රී 7.00 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ මාරවිල, වීදි පාර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්.

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ නාත්තන්ඩිය, පරාක්‍රම මාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මිතුරන් දෙදෙනෙකු සමඟ මුහුදු වෙරළේ දියනාමින් සිටින විට එම ස්ථානයට වෑන් රථයකින් පැමිණි පිරිසක් මත්පැන් පානය කරමින් කෑ කෝ ගසන්නට පටන් ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී දෙපිරිස අතර ඇතිවූ බහින් බස්වීමකින් පසුව පිහි ඇණුම සිදුව ඇති බවයි පොලීසිය විසින් කරන ලද විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
1
+1
1
+1
41
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59