කපුගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල (වීඩියෝ)

ගන්දර, කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය පැවසුවේ.