වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරගයකට මෙසී දෙසැම්බරයේ ඉන්දියාවට

සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී එළඹෙන දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මෙම ඉන්දීය සංචාරය අතර තුර මෙසී ක්‍රිකට් තරගයකට සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

විරාත් කෝලි, එම්.එස් දෝනි, රෝහිත් ෂර්මා සහ සචින් තෙන්ඩුල්කාර් වැනි ඉන්දීය ක්‍රිකට් තරු සමඟ සත් සාමාජික ක්‍රිකට් තරඟයක් සඳහා මෙසී ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්.

මෙම සුවිශේෂී වූ ක්‍රිකට් තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණය දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

පුවත් වාර්තාවකට අනුව, උත්සව කළමනාකරණ සමාගමක් මුම්බායි ක්‍රිකට් සංගමයෙන් ඉල්ලා ඇත්තේ මෙසී සහභාගී වන සත් සාමාජික ක්‍රිකට් තරඟයක් සඳහා වන්කඩේ ක්‍රීඩාංගණය වෙන් කරන ලෙසයි.

මෙසීගේ ඉන්දීය සංචාරයේ දී ඔහු නවදිල්ලියට සහ කොල්කටාවට ද පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ දෙවැනි ඉන්දීය සංචාරය මෙය වන අතර, ඔහු මීට පෙර 2011 වසරේ දී මිත්‍රශීලී පාපන්දු තරඟයක් සඳහා ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම සමඟ ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?