වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරගයකට මෙසී දෙසැම්බරයේ ඉන්දියාවට

සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී එළඹෙන දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මෙම ඉන්දීය සංචාරය අතර තුර මෙසී ක්‍රිකට් තරගයකට සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

විරාත් කෝලි, එම්.එස් දෝනි, රෝහිත් ෂර්මා සහ සචින් තෙන්ඩුල්කාර් වැනි ඉන්දීය ක්‍රිකට් තරු සමඟ සත් සාමාජික ක්‍රිකට් තරඟයක් සඳහා මෙසී ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්.

මෙම සුවිශේෂී වූ ක්‍රිකට් තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණය දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

පුවත් වාර්තාවකට අනුව, උත්සව කළමනාකරණ සමාගමක් මුම්බායි ක්‍රිකට් සංගමයෙන් ඉල්ලා ඇත්තේ මෙසී සහභාගී වන සත් සාමාජික ක්‍රිකට් තරඟයක් සඳහා වන්කඩේ ක්‍රීඩාංගණය වෙන් කරන ලෙසයි.

මෙසීගේ ඉන්දීය සංචාරයේ දී ඔහු නවදිල්ලියට සහ කොල්කටාවට ද පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ දෙවැනි ඉන්දීය සංචාරය මෙය වන අතර, ඔහු මීට පෙර 2011 වසරේ දී මිත්‍රශීලී පාපන්දු තරඟයක් සඳහා ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම සමඟ ඉන්දියාවට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14