රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ සැකකාරියක් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්දන්ගුවට ගෙන ඇති සැකකාරිය වයස් අවුරුදු 26ක නාවින්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.
සැකකාරිය ඊයේ (01) හැටන් නගරයේ පිහිටි ස්වර්ණාභරණ ආයතනයකට පැමිණ මෙම කොල්ලකෑමට තැත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම සැකකාරිය ස්වර්ණාභරණ මිල දී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණ ආයතනයට පැමිණ එහි හිමිකරුගේ මුහුණට රසායනික ද්‍රව්‍යක් මුහුණට අල්ලා රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සන්තකයේ තිබී ස්ප්‍රේ බෝතලයක් සහ විවිධ ස්ථානවලට රන් භාණ්ඩ උකස් කරන ලද රිස්ට්පත් තුනක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
4
+1
+1
+1





