නුවරඑළිය සිට මහනුවර දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක පසුපස රෝදවල ගිනි ගැනීමට ලක්ව අනතුරක් සිදුව තිබෙනවා.
අදාළ බස් රථය අටබාගේ ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබිය දී මෙලෙස පසුපස රෝදවල ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
නුවරඑළියෙන් ඊයේ (01) පස්වරු පහට පමණ ගමන් ආරඹා ඇති බස් රථයේ මෙම ගින්න හටගන්නා අවස්ථාවේ දී මගීන් 45 දෙනෙකු පමණ සිට ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගින්න හටගත් අවස්ථාවේ ප්‍රදේශවසින් වහාම ක්‍රියාත්මක වී එය නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
1
+1
1
+1















