පෞද්ගලික ක්‍රිකට් ලීග නියෝජනය කරන පාකිස්ථාන කණ්ඩායම්වලට තහනමක්

පෞද්ගලික ක්‍රිකට් ලීග නියෝජනය කරන කණ්ඩායම්වල රටේ නම භාවිත කිරීම තහනම් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තතිබෙනවා.

2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දී ඇති වූ ඉන්දියා – පාකිස්ථාන මතභේදයෙන් පසු පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගාවලියේ (WCL) දී ඉන්දියානු ක්‍රීඩකයින් ‘පාකිස්ථාන ශූරයන්’ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පෞද්ගලික ක්‍රිකට් ලීග නියෝජනය කරන කණ්ඩායම්වල රටේ නම භාවිත කිරීම එම ක්‍රිකට් පාලක මණ්ඩලය මෙලෙස තහනම් කර ඇති බව සඳහන්.

පෙරේදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී සිදුකළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනාගතයේදී, පෞද්ගලික ලීග සඳහා රටේ නම භාවිත කිරීමට කිසිදු පෞද්ගලික සංවිධානයකට අවසර ලබා නොදෙනු බව පවසන පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ‘පාකිස්ථාන ශූරයන්’ කණ්ඩායමට දකුණු අප්‍රිකාවට එරෙහිව අද දිනයේ පැවැත්වෙන 2025 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට පමණක් පාකිස්ථාන නම භාවිත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

කිසියම් පෞද්ගලික සංවිධානයක් පාකිස්ථානයේ නම භාවිත කළහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙනු ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12