BYD වාහන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරගෙන යන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.
අදාළ වාහන මෙරටට ආනයනය කරනු ලබන සමාගම සමඟ එක්ව එම විමර්ශනය සිදුකරන බවයි ඔහු පවසන්නේ.
මෙම BYD වාහන ආනයනය කිරීමේ දී තීරු බදු ගෙව්මේ යම් කිසි අඩුපාඩුවක් සිදුව ඇති බවට සැකයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් සවිස්තරාත්මක රේගු විමර්ශනයකි පසු මේ පිළිබඳව නිගමනයක පැමිණිය හැකි බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එවැනි වරදක් සිදුව ඇත්තම් රේගු ආඥා පනත යටතේ ක්‍රියා කිරීමට කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා.














Does Srilanka have the knowledge to do any test on a motor that run on encrypted firm ware? Idiots