අගෝස්තු 01 වනදා වන විට බිලියන 1,227ක රේගු ආදායමක් – වාහන 28,000කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කරලා (වීඩියෝ)

මෙම වසරේ අගෝස්තු 01 වනදා වන විට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227 ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය‍ ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් මාසයක් තුළ රැස්කළ වැඩිම අදායම පසුගිය ජුලි මාසයේ උපයා ගැනීමට හැකි වූ බවයි රේගු මාධ්‍ය‍ ප්‍රකාශකවරයා පවසන්නේ.

එම අදායාම රුපියල් බුලියන 231ක් බව ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

එමෙන්ම රේගු මාධ්‍ය‍ ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම වසර තුළ උපයා ගැනීමට ඉලක්ක ගත රේගු ආදායම රුපියල් බිලියන 2,115ක් බවයි.

අදායම් ඉලක්ක ගත් කළ ජූලි මාසය අවසන් වනවිට එකතු කළ යුතු ආදායමට වඩා රුපියල් බිලියන 116ක් ඉදිරියෙන් සිටින බවත් ඔහු මෙහි දී පැවසුවා.

මේ ආදායම්වලින් ප්‍රධාන වශයෙන් මෝටර් රථ ආනයනය මඟින් හිමිවන බවත් දැනට රුපියල් බිලියන 300කට වැඩි ආදායමක් උපයා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආනයන සීමා ඉවත් කළ පසු මේ දක්වා මෝටර් රථ වාහන 28,000කට වැඩි සංඛ්‍යාවක් ආනයන කර ඇති බවත් ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
4
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50