චයිනීස් බත් කඩකරුගේ නරක් වූ සිරුර හමුවෙයි – කොවිඩ් ගැනත් සැකයක්

දින කිහිපයකට පෙර මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් මොරටුව මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ දී සොයාගත් බව මොරටුමුල්ල පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයා ජීවත් වූ කාමරයේ ඇඳක් මත තිබිය දී මෙම සිරුර සොයාගත් බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ වසර 15ක් පමණ තිස්සේ “චයිනීස් බත් කඩයක්” පවත්වාගෙන ගිය 40 හැවිරිදි පුද්ගලයෙක්.

බලංගොඩ, වැලිගපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන මෙම පුද්ගලයා මොරටුමුල්ල පොළ ආසන්නයේ දෙමහල් නිවසක කාමරයක් කුලියට ගෙන පදිංචිව සිට ඇත්තේ අදාළ බත් කඩය පවත්වාගෙන යාම සඳහා යි.

ප්‍රදේශවාසීන් පසුගිය 19 වැනිදා සිට මෙම පුද්ගලයා දැක නොමැති අතර ඔහු විසූ කාමරය දෙසින් අධික දුර්ගන්ධයක් ද පැමිණ තිබෙනවා.

පසුව මේ පිළිබඳව සැක සිතුණු ප්‍රදේශවාසීන් විසින් මොරටුමුල්ල පොලිසිය වෙත දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව අපරාධ අංශයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර කාමරයේ දොරගුළු කඩා බැලීමේ දී මෙම මළසිරුර හමු වී තිබෙනවා.

එය අධික ලෙස නරක් වී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ පුද්ගලයා දින කිහිපයකට පෙර මරණයට පත්වන්නට ඇති බවට සැක කෙරෙනවා.

මේ අතර ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පුද්ගලයා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත් වූයේ දැයි තමුන් හට සැකසහිත බවයි.

කෙසේ වෙතත් මරණ පරීක්ෂකවරයා නියම කර ඇත්තේ දේහය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා PCR පරීක්ෂණයක් සිදු කිරීමට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48