ධීවරයින් දෙදෙනෙකුගේ දිවි බේරූ මහ මුහුදේ මෙහෙයුම (ඡායාරූප)

මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ පෙරළී අනතුරට ලක්ව තිබූ ධීවර බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අද (27) සිදුකළ මෙහයුමක දී හැකිව තිබෙනවා.

අනතුරට ලක්වූ ධීවර බෝට්ටුව මිරිස්ස, බණ්ඩරමුල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා අද (27) මුහුදු ගොස් තිබුණා.

එලෙස මුහුදු ගොස් තිබූ බෝට්ටුව රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පෙරළීයාමෙන් අනතුරට ලක්ව තිබූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

අනතුරට ලක්ව අවස්ථාවේ එම බෝට්ටුවේ ධීවරයින් දෙදෙනෙක් සිට ඇති අතර, එම ධීවරයින් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ CG 201 වෙරළබඩ මුර යාත්‍රාව මෙම මෙහෙයුම සඳහා යොදවා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.

අනතුරින් බේරාගත් ධීවරයින් දෙදෙනා වයස අවුරුදු 35 සහ 63 යන වයස්වල පසුවන මිරිස්ස, බණ්ඩරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57