මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ පෙරළී අනතුරට ලක්ව තිබූ ධීවර බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අද (27) සිදුකළ මෙහයුමක දී හැකිව තිබෙනවා.
අනතුරට ලක්වූ ධීවර බෝට්ටුව මිරිස්ස, බණ්ඩරමුල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා අද (27) මුහුදු ගොස් තිබුණා.
එලෙස මුහුදු ගොස් තිබූ බෝට්ටුව රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පෙරළීයාමෙන් අනතුරට ලක්ව තිබූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.
අනතුරට ලක්ව අවස්ථාවේ එම බෝට්ටුවේ ධීවරයින් දෙදෙනෙක් සිට ඇති අතර, එම ධීවරයින් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.
වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ CG 201 වෙරළබඩ මුර යාත්‍රාව මෙම මෙහෙයුම සඳහා යොදවා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.
අනතුරින් බේරාගත් ධීවරයින් දෙදෙනා වයස අවුරුදු 35 සහ 63 යන වයස්වල පසුවන මිරිස්ස, බණ්ඩරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.






















Yanna epa kiyapuvaama udgoshana karanawa eeta passe gihilla amaruwe vetunaama beraganna kiyala andanawa. Mahajana mudal veyakarala mowunva beraagannawa.