කඩොලාන රකින වැඩේට පරිසර ඇමති අත්සන් තබයි

රථ වාහන 2,650 කින් පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුව කඩොලාන හෙක්ටයාර එක්ක ප්‍රජාවට ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි පවසනවා.

පරිසර පද්ධතිය රැක ගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන කඩොලාන ප්‍රජාව ආරක්ෂා කරගැනීම සෑම අයෙකුගේම පරම යුතුකමක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඊයේ (26) දිනට දී තිබූ ජාත්‍යන්තර කඩොලාන දිනය වෙනුවෙන් ආරච්චිකට්ටුව – ආනවිලුන්දාව සහ පුත්තලම – කරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවවලට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන පද්ධති 08ක් කඩොලාන රක්ෂිත ලෙස නම් කරමින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සදහා අත්සන් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව “කඩොලානට දළුලන්න ඉඩ දෙන්න” තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි පැවසුවේ,

“දිවයින පුරා වන වැස්මෙන් 0.2% ක ප්‍රමාණයක් හෙවත් හෙක්ටයාර් 15,000 – 21,000 අතර භූමි ප්‍රමාණයක කඩොලාන ප්‍රජාව තිබෙනවා.ඉන් ¼ ක කඩොලාන භූමියක් අයත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයට, ලෝකයේ ඇති කඩොලාන විශේෂ වලින් 21ක් මෙරට අපිට දකින්න තිබෙනවා. ඉන් කඩොලාන විශේෂ 11 ක් පුත්තලම දිස්ත්‍රික්කය තුළදී හමුවී තිබීම ඉතාමත්ම විශේෂයි. ඒ නිසයි කඩොලාන ප්‍රජාව සහ පුත්තලම දිස්ත්‍රික්කය අතර විශේෂ බැදියාවක් තියෙන්නේ. කඩොලාන හෙක්ටයාර් 01 කට කාබන් ඩයොක්සයිඩ් වාතය මෙට්‍රික් ටොන් 3,754 ක් ග්‍රහනය කර ගබඩාකර ගත හැකියි. ඒ අනුව වාහන 2,650 කින් පිටකරන කාබන් ඩයොක්සයිඩ් වාතය කඩොලාන හෙක්ටයාර් 01 කට ගබඩාකර තබා ගත හැකි බවයි කියන්නේ. එපමණක් නොවෙයි සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය,ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සදහා කඩොලාන ප්‍රජාව සිදුකරන්නේ විශාල සේවාවක්. ඒ නිසා තමයි අපි රජයක් ලෙස කඩොලාන ව්‍යාප්ත කිරීම සදහා මෙන්ම ආරක්ෂා කිරීම සදහා වැඩි අවදානයක් යොමු කර තිබෙන්නේ.රජය විසින් ක්‍රියාත්මක කර ඇති වනස්පති වැඩ සටහනට සමගාමීව මේ වන විට රක්ෂිත 29ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හෙක්ටයාර් 5,000 කට ආසන්න භූමි ප්‍රමාණයක් එම රක්ෂිතයන්ට අයත් වෙනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48