මෙරට කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කෙරේ

ජගත් ක‌ඩොලාන සුරැකීමේ දිනය අදට (26) යෙදී තිබෙනවා.

මෙම දිනයට සමගාමීව අද දිනයේ මෙරට කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ අද දිනයේ මාදම්පේ පනිරෙන්ඩාව මරම්බැට්ටිය මූකලාන, මාදම්පේ පනිරෙන්ඩාව වවුල්කැලේ, හලාවත මැරවල C, හලාවත මැරවල B, හලාවත මැරවල A, හලාවත මැරවල, ආරච්චිකට්ටුව කුසල වනාන්තරය , ආරච්චිකට්ටුව කරුකපනේ B කඩොලාන වනාන්තරය යන වනාන්තර මෙලෙස රක්ෂිත වනාන්තර බවට පත්කරනු ඇති.

එම වනාන්තර අටේ භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 55ක් පමණ වනවා.

යුනෙස්කෝ සංවිධානය විසින් 2015 වසරේ සිට ජගත් කඩොලාන සංරක්ෂණ දිනයක්‍ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?