Update – කතක් අනතුරකට ලක්කර පාදයේ කොටසකුත් අරන් ගිය සිසුවා ගැන නියෝගයක්

අක්මීමන – හිනිඳුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසළ කාන්තාවක් අනතුරට ලක්කර පලායාමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 16 හැවිරිදි පාසල් සිසුවා ලබන 05 වනදා දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා.

සැකකාර සිසුවා අද (25) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අක්මීමන – හිනිඳුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසළ ඊයේ (24) සිදු වූ රිය අනතුරකින් කන්තාකට පාදයක කොටසක් අහිමිව ගියා.

සැකකාර සිසුවා පැදවූ යතුරුපැදියේ ගැටීමෙන් මෙම කාන්තාව අනතුරට ලක්ව තිබූ අතර, අනතුරින් කාන්තාවගේ එක් පාදයක් වළලුකරට ඉහළින් වෙන් වී තිබෙනවා.

එලෙස වෙන් වූ පාදයේ කොටස යතුරුපැදියේ ඇමිනී ඇති අතර, ඒ බව නොදැන යතුරුපැදිය ද රැගෙන අදාළ සිසුවා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිය ද සමඟ පළා ගිය පාසල් සිසුවා නිවසට පැමිණි පසු යතුරුපැදියේ ඇමිනී තිබූ පාදයේ කොටස දැකඇති අතර, පසුව ඔහු එය රෙදි කැබැල්ලක ඔතා කැලයකට විසිකර යතුරුපැදිය සෝදා පිරිසිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී සිසුවා කැලයකට විසිකර තිබූ කාන්තාවගේ පාදයේ කොටස ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුවා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අද දින මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට එහි ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
4
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08