දැරියක් දූෂණ කළ බවට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යෂ් දයාල්ට චෝදනාවක්

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන අයි.පී.එල් ක්‍රීඩක යෂ් දයාල්ට බරපතල දූෂණ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

වයස අවුරුදු 17ක දැරියකට ලිංගික අපරාධ කිරීම සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක යෂ් දයාල්ට මෙලෙස චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ජායිපූර්හිදී යෂ් දයාල්ට එරෙහිව නඩු පවරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මොහු විසින් අදාළ බාලවයස්කාර දැරිය බ්ලැක්මේල් කරමින් වසර දෙකක කාලයක් ඇයව දූෂණය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ක්‍රිකට් වෘත්තියක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් දයාල් ඇයව සිතපුර හි හෝටලයකට ආරාධනා කළ බවට අනාවරණය වී ඇති අතර, එහිදී ඇයට පළමු ලිංගික අතවරය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර විවාහය මුවාවෙන් කාන්තාවක් ලිංගිකව සූරාකෑම සම්බන්ධයෙන් දයාල්ට චෝදනා එල්ල වී තිබෙනවා.

එම සිදුවීමට දයාල්ව අත්අඩංගුවට ගැනීම අත්හිටුවමින් අලහබාද් මහාධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
10
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?