මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය අද (25) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා.

ඒ අනුව අද පෙරවරු 06 පසුවී විනාඩි 05 ට යෙදී තිබූ සුබ මොහොතින් උතුරු දිසාමුඛව මෙම චරිත්‍රය සිදුකරනු ලැබුවා.

පෙර රජ දවසේ සිට පැවත එන සිරිතට අනුව, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි පණස වෘක්ෂයේ පේ කොට තබන ලද ශාඛාවක් පුරාණ චාරිත්‍රානුකූලව මහනුවරට පෙරහැරින් රැගෙනවිත් විෂ්ණු දේවාලයේදී නාථ, පත්තිනි හා කතරගම මහා දේවාල වෙත භාරදීමෙන් අනතුරුව නිලමේවරුන්ගේ සහභාගිත්වයෙන් පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත් අනුව මෙම කප් සිටුවීමේ මංගල්‍ය සිදුවනවා.

සිව්ම හා දේවල පස්දින ඇතුල් පෙරහරින් පසුවශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර මේ මස 30 දින ආරම්භ වන අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු මස 03 දින වීථි සංචාරය කෙරෙනවා.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 04 දිනයේ වීථි සංචාරය කෙරෙන අතර,අවසන් මහා පෙරහැර අගෝස්තු මස 08 දින වීථි සංචාරය කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 09 දින දහවල් පෙරහැරින් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?