මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය අද (25) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා.

ඒ අනුව අද පෙරවරු 06 පසුවී විනාඩි 05 ට යෙදී තිබූ සුබ මොහොතින් උතුරු දිසාමුඛව මෙම චරිත්‍රය සිදුකරනු ලැබුවා.

පෙර රජ දවසේ සිට පැවත එන සිරිතට අනුව, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි පණස වෘක්ෂයේ පේ කොට තබන ලද ශාඛාවක් පුරාණ චාරිත්‍රානුකූලව මහනුවරට පෙරහැරින් රැගෙනවිත් විෂ්ණු දේවාලයේදී නාථ, පත්තිනි හා කතරගම මහා දේවාල වෙත භාරදීමෙන් අනතුරුව නිලමේවරුන්ගේ සහභාගිත්වයෙන් පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත් අනුව මෙම කප් සිටුවීමේ මංගල්‍ය සිදුවනවා.

සිව්ම හා දේවල පස්දින ඇතුල් පෙරහරින් පසුවශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර මේ මස 30 දින ආරම්භ වන අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු මස 03 දින වීථි සංචාරය කෙරෙනවා.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 04 දිනයේ වීථි සංචාරය කෙරෙන අතර,අවසන් මහා පෙරහැර අගෝස්තු මස 08 දින වීථි සංචාරය කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 09 දින දහවල් පෙරහැරින් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17