ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග තුනක් එංගලන්තයට දෙයි

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග තුනක සත්කාරකත්වය සඳහා එංගලන්තය තෝරාගෙන තිබෙනවා.

පසුගිය සති අන්තයේ සිංගප්පූරුවේ පැවති අයි.සී.සී වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ එළැඹෙන 2027 අදියර 2029 සහ 2031 යන අදියරයන්වල අවසන් මහා තරග වෙනුවෙන් සත්කාරකත්වය සඳහා එංගලන්තය තෝරාගෙන තිබෙනවා.

2021 වසරේ සිට 2025 දක්වා පැවති ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත දැක්වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන අයි.සී.සීය මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඓතිහාසික ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග සඳහා යොදාගන්නවා ද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැහැ.

2023-2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති අතර,එම අවසන් මහා තරගය ජයගැනීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51