බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් චිත්‍රපට රූගත කිරීමක් අතර තුර අනතුරකට මුහුණ පා තිබෙනවා.
ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන ‘කිං’ චිත්‍රපටයේ, මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ පැවති රූගත කිරීමක් අතර තුර ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
සිදුවූ අනතුරකින් පසු ෂාරුක් ඛාන් ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට ගිය බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.
එහිදී ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර, අනතුරින් ශාරුක්ගේ මාංශ පේශිවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සුපිරි තරුව සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
7
+1
28
+1
12
+1
57
+1
3
+1
12















