තුර්කි ගිනි අවියක් සමඟ 05ක් අම්බලන්තොට පොලිසියෙන් අල්ලයි

තුර්කියේ නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්තොට, පොලියර්වත්ත ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මෙම ගිනි අවිය සොයා ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.

ඒ, අනුව අත්අඩංගුවට ගැනුණු වැලිගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් 04 දෙනාගෙන් දෙදෙනෙක් අම්බලන්තොට, පහළ බැරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් දෙදෙනා තිස්සමහාරාම සහ රන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු කළ බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?