කෙහෙළිය ඇතුළු තිදෙනකුගේ පයිප්ප බට නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයට දින දෙයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍යතාවක් නොතිබියදීත් එම සංස්ථාවට අයත් රුපියල් 990000ක මුදලක් වැයකර ජී අයි බට 600ක් මිල දී ගෙන ඒවා දේශපාලන කටයුතු සඳහා යෙදවීමෙන් රජයට පාඩුවක් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (18) තීන්දු කළා.

වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙකු හමුවේ ආරම්භ කර තිබූ එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී පැමිණිල්ල වෙනුවෙන් ලබා දුන් සාක්ෂි පිළිගෙන වැඩිදුර සාක්ෂි විභාගය තමන් ඉදිරියේ පැවැත්වීමට විත්ති පාර්ශ්වය මෙන් ම පැමිණිල්ල ද එකඟ වීම නිසා එදිනට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පැමිණිල්ලේ පස්වැනි සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි යැවීමට ද අධිකරණය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18