ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍යතාවක් නොතිබියදීත් එම සංස්ථාවට අයත් රුපියල් 990000ක මුදලක් වැයකර ජී අයි බට 600ක් මිල දී ගෙන ඒවා දේශපාලන කටයුතු සඳහා යෙදවීමෙන් රජයට පාඩුවක් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (18) තීන්දු කළා.
වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙකු හමුවේ ආරම්භ කර තිබූ එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී පැමිණිල්ල වෙනුවෙන් ලබා දුන් සාක්ෂි පිළිගෙන වැඩිදුර සාක්ෂි විභාගය තමන් ඉදිරියේ පැවැත්වීමට විත්ති පාර්ශ්වය මෙන් ම පැමිණිල්ල ද එකඟ වීම නිසා එදිනට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පැමිණිල්ලේ පස්වැනි සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි යැවීමට ද අධිකරණය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.















