කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවක දී පුද්ගලයෙකු විසින් රැඳවියෙක් වූ ඔහුගේ හිතවතෙකුට මිලිග්‍රෑම් 02ක පමණ මත්කුඩු ලබාදීමට කළ උත්සාහය ව්‍යර්ථ වී එම සැකකරු ද පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එලෙස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි අධිකරණය නියෝග කළේ.
මත්කුඩු ලබා දුන් තැනැත්තා හා බන්ධනාගාරගත ව සිටි පුද්ගලයා එකම නඩුවක විත්තිකරුවන් බවත්, විත්ති කූඩුවට නැග යළිත් බසින අවස්ථාවේ දී මත්කුඩු පැකට් ලබාදීමට උත්සාහ කර ඇති බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
2





