එකම නඩුවේ විත්තිකරුවන් දෙදෙනකු විත්ති කූඩුවේ දී මත්කුඩු හුවමාරු කරගෙන (වීඩියෝ)

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවක දී පුද්ගලයෙකු විසින් රැඳවියෙක් වූ ඔහුගේ හිතවතෙකුට මිලිග්‍රෑම් 02ක පමණ මත්කුඩු ලබාදීමට කළ උත්සාහය ව්‍යර්ථ වී එම සැකකරු ද පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි අධිකරණය නියෝග කළේ.

මත්කුඩු ලබා දුන් තැනැත්තා හා බන්ධනාගාරගත ව සිටි පුද්ගලයා එකම නඩුවක විත්තිකරුවන් බවත්, විත්ති කූඩුවට නැග යළිත් බසින අවස්ථාවේ දී මත්කුඩු පැකට් ලබාදීමට උත්සාහ කර ඇති බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.