පොළොන්නරුව – හිඟුරක්ගොඩ මාර්ගයේ හතමූණ, මයිලගස් හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පොළොන්නරුව දෙස සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් වර්ගයේ ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයෙන් බිමට වැටී එම රථයේ ම පසුපස රෝදයට යට වී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
ලොරි රථයේ රියදුරු හා රථය හිඟුරක්ගොඩ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 56 හැවිරිදි තිදරු පියෙක්.
ලොරි රථයේ රියදුරු හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) දහවල් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
1
+1
+1















