ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 05ක් ප්‍රසම්පාදනයට අනුමැතිය

තදාසන්න ප්‍රදේශවල මගී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැති බවට රජය නිවේදනය කරනවා.

එබැවින්, දෛනිකව ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මගී තදබදයක් පවතින බැවින්, දැනට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටලවලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා ධාවනයේ යොදවා ඇති බැවින්, නිරන්තරයෙන් හදිසි ක්‍රියා විරහිතවීම් හා බිඳවැටීම්වලට ලක් වන බවයි වාර්තා වන්නේ.

එම තත්ත්වය යටතේ දෛනිකව සිය කටයුතු සඳහා දුම්රිය භාවිත කරනු ලබන මගීන් බොහෝ අපහසුතාවන්ට ලක් වන බව පෙනී ගොස් තිබෙන බව අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවා.

වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් පමණ අවශ්‍ය වන අතර, දැනට බලවේග කට්ටල කිහිපයක හිඟතාවක් පවතිනවා.

ඒ අනුව, තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 05ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?