ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 05ක් ප්‍රසම්පාදනයට අනුමැතිය

තදාසන්න ප්‍රදේශවල මගී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැති බවට රජය නිවේදනය කරනවා.

එබැවින්, දෛනිකව ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මගී තදබදයක් පවතින බැවින්, දැනට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටලවලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා ධාවනයේ යොදවා ඇති බැවින්, නිරන්තරයෙන් හදිසි ක්‍රියා විරහිතවීම් හා බිඳවැටීම්වලට ලක් වන බවයි වාර්තා වන්නේ.

එම තත්ත්වය යටතේ දෛනිකව සිය කටයුතු සඳහා දුම්රිය භාවිත කරනු ලබන මගීන් බොහෝ අපහසුතාවන්ට ලක් වන බව පෙනී ගොස් තිබෙන බව අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවා.

වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් පමණ අවශ්‍ය වන අතර, දැනට බලවේග කට්ටල කිහිපයක හිඟතාවක් පවතිනවා.

ඒ අනුව, තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 05ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12