මියගිය දියණියගේ භෂ්මාවශේෂ “මත්ද්‍රව්‍ය’’ යැයි කියා පියාව පොලීසියට කුදලාගෙන යන්න හදලා

සිය මිය ගිය දියණිය ආදාහනය කළ පසුව ඉතිරි වූ භෂ්මාවශේෂ රැගෙන යමින් සිටි පියෙකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරායැයි යන චෝදනා මත අත්අඩංගුවට ගත් පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

ඩාර්ටාවියස් බාන්ස් නැමති පුද්ගලයෙකු මෙලෙස සිය මියගිය වයස අවුරුදු 2ක් වූ දියණියගේ භෂ්මාවශේෂ මෙලෙස රැගෙන යමින් සිට ඇති අතර ඔහුව ස්ප්‍රීන්ග්ෆීල්ඩ් නගරයේ පොලීසිය විසින් කිසිදු ආකාරය වරෙන්තුවක් රහිත පරික්ෂාවට ලක්කර දියණියගේ භෂ්මාවශේෂ කොටසක් තැන්පත් කර තිබූ පුංචි කවරයක් සොයාගෙන තිබේ.

2020 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම සිදුවීම වී ඇති අතර එහිදී ඩාර්ටාවියස් බාන්ස් විසින් සිය මෝටර් රථය පදවාගෙන යන අවස්ථාවේ පොලීසිය විසින් නවත්වා තිබුණු අතර ඔහුව පරික්ෂාවට ලක් කළ යුතුයැයි පවසා පොලිස් රථයට නංවාගෙන තිබේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් බාන්ස්ගේ මෝටර් රථයේ මත්ද්‍රව්‍ය ඇතිදැයි පරික්ෂාවට ලක් කිරීමට සෝදිසි කර ඇති අතර කුඩා ඇසුරුමක් ඔවුන් සොයාගෙන තිබුණි. එය බාන්ස් වෙත රැගෙන ආ නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය රැගෙන ගියා යැයි චෝදනා කර තිබේ.

නමුත් බාන්ස් විසින් එය තමන්ගේ මියගිය දියණියගේ භෂ්මාවශේෂ යැයි කිව්වත් එය පොලිස් නිලධාරීන් විසින් පිළිගෙන නොතිබුණු බවට පොලිස් නිලධාරීන්ගේ ඇති බොඩිකැම්වල දර්ශනවලින් පෙනී ගොස් තිබේ.

බාන්ස් විසින් තමන්ට සහ තමන්ගේ මියගිය වයස අවුරුදු 2ක් වූ දියණිය වන ටා‘නජා බාන්ස් හට සිදුකරන ලද අපහාසය වෙනුවෙන් ස්ප්‍රීන්ග් ෆීල්ඩ් පොලීසිය හට නඩු පවරා තිබේ. ටා‘නජාව ඇයගේ මවගේ පෙම්වතා ඇතුළු තවත් පුද්ගලයෙකු විසින් ඝාතනය කර තිබුවටත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බාන්ස් මෙම පරික්ෂාව කරන අවස්ථාවේ දැඩිව සංවේදීව ඇති අතර ඔහු විසින් අවසානයේ නිලධාරින්ට අළු බඳුන විවෘත කර පෙන්වා තිබේ.

බාන්ස් විසින් ගොනුකර තිබූ නඩුව මෙම වසරේ අගෝස්තු මාසයේ 22 වැනිදා විභාගයට ගැනීමට නියමිතව ඇතිබවට වොෂින්ටන් පෝස්ට් වාර්තා කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?