මියගිය දියණියගේ භෂ්මාවශේෂ “මත්ද්‍රව්‍ය’’ යැයි කියා පියාව පොලීසියට කුදලාගෙන යන්න හදලා

සිය මිය ගිය දියණිය ආදාහනය කළ පසුව ඉතිරි වූ භෂ්මාවශේෂ රැගෙන යමින් සිටි පියෙකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරායැයි යන චෝදනා මත අත්අඩංගුවට ගත් පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

ඩාර්ටාවියස් බාන්ස් නැමති පුද්ගලයෙකු මෙලෙස සිය මියගිය වයස අවුරුදු 2ක් වූ දියණියගේ භෂ්මාවශේෂ මෙලෙස රැගෙන යමින් සිට ඇති අතර ඔහුව ස්ප්‍රීන්ග්ෆීල්ඩ් නගරයේ පොලීසිය විසින් කිසිදු ආකාරය වරෙන්තුවක් රහිත පරික්ෂාවට ලක්කර දියණියගේ භෂ්මාවශේෂ කොටසක් තැන්පත් කර තිබූ පුංචි කවරයක් සොයාගෙන තිබේ.

2020 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම සිදුවීම වී ඇති අතර එහිදී ඩාර්ටාවියස් බාන්ස් විසින් සිය මෝටර් රථය පදවාගෙන යන අවස්ථාවේ පොලීසිය විසින් නවත්වා තිබුණු අතර ඔහුව පරික්ෂාවට ලක් කළ යුතුයැයි පවසා පොලිස් රථයට නංවාගෙන තිබේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් බාන්ස්ගේ මෝටර් රථයේ මත්ද්‍රව්‍ය ඇතිදැයි පරික්ෂාවට ලක් කිරීමට සෝදිසි කර ඇති අතර කුඩා ඇසුරුමක් ඔවුන් සොයාගෙන තිබුණි. එය බාන්ස් වෙත රැගෙන ආ නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය රැගෙන ගියා යැයි චෝදනා කර තිබේ.

නමුත් බාන්ස් විසින් එය තමන්ගේ මියගිය දියණියගේ භෂ්මාවශේෂ යැයි කිව්වත් එය පොලිස් නිලධාරීන් විසින් පිළිගෙන නොතිබුණු බවට පොලිස් නිලධාරීන්ගේ ඇති බොඩිකැම්වල දර්ශනවලින් පෙනී ගොස් තිබේ.

බාන්ස් විසින් තමන්ට සහ තමන්ගේ මියගිය වයස අවුරුදු 2ක් වූ දියණිය වන ටා‘නජා බාන්ස් හට සිදුකරන ලද අපහාසය වෙනුවෙන් ස්ප්‍රීන්ග් ෆීල්ඩ් පොලීසිය හට නඩු පවරා තිබේ. ටා‘නජාව ඇයගේ මවගේ පෙම්වතා ඇතුළු තවත් පුද්ගලයෙකු විසින් ඝාතනය කර තිබුවටත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බාන්ස් මෙම පරික්ෂාව කරන අවස්ථාවේ දැඩිව සංවේදීව ඇති අතර ඔහු විසින් අවසානයේ නිලධාරින්ට අළු බඳුන විවෘත කර පෙන්වා තිබේ.

බාන්ස් විසින් ගොනුකර තිබූ නඩුව මෙම වසරේ අගෝස්තු මාසයේ 22 වැනිදා විභාගයට ගැනීමට නියමිතව ඇතිබවට වොෂින්ටන් පෝස්ට් වාර්තා කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50