තේ මණ්ඩලේ ගැන හොයන විමර්ශනයකට ඇමති සමන්ත අල්ලස් කොමිසමට (වීඩියෝ)

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (14) පෙරවරුවේ පැමිණියා.

ඒ, 16 වසරේ තේ මණ්ඩලයේ සිදුව ඇතිබව කියන දූෂණයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයක අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

2015 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ලැබුණු මුදල්වලින් විශාල මුදල් ප්‍රමාණයක්; සිලෝන් ටී නාමය ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් අවභාවිත කර ඇති බවයි අල්ලස් කොමිසමට පැමිණි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊට යම් දේශපාලන සම්බන්ධයක් ඇති බවට විශ්වාස කරන බවයි මෙහිදී අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?