වනිඳු නැති එක ලොකු අඩුවක් වුණා; අංක 04 සහ 06 ස්ථානවල ගැටළුවක් තියනවා – පරාජයට හේතු කී චරිත් (වීඩියෝ)

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ අංක 04 සහ 06 ස්ථානවල ගැටළුවක් පවතින බව නායක චරිත් අසලංක පවසනවා.

බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් පැවති මාධ්‍ය හමුවේ දී චරිත් මේ බව සඳහන් කළා.

ඊයේ පැවති මෙම තරගය බංග්ලාදේශය හමුවේ ලකුණු 83 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිදුවුණා.

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කළේ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණ රටාව හේතුවෙන් මෙම තරග පරාජයට හේතු වූ බවයි.

ඊයේ තරගය සඳහා ලැබුණු තණ තීරුවේ බංග්ලාදේශය එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

එමෙන්ම වනිදු හසරංග ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවට විශාල බලපෑමක් සිදුකළ බවත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මෙහිදී පැවසුවා.

මේ අතර අංක 04 ස්ථානයේ පන්දුවට පහර දෙන අවිශ්ක ප්‍රනාන්දුට තව දුරටත් අවස්ථාව ලබා දෙනවා ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් චරිත්ගෙන් මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත්, නායකයා ලෙස පුහුණුකරු සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡාකර ඉදිරියේ දී හොඳ දෙයක් සිදුවෙනු ඇති බවට බලාපොරොත්තුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
38
+1
3
+1
5
+1
2
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?