AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේ උසම තැනත් කොරෝනා රෝගීන් 200ක්

ලෝකයේ උසම ස්ථානය ලෙස සලකනු ලබන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට ගිය පුද්ගලයින් 200 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් එවරට් තරණය කරන්නන්ගේ දකුණු ප්‍රධාන කඳවුර වෛරසය ආක්‍රමණය කර අවසන් බවත් සඳහන්.

නේපාලය විසින් මෙම ආසාදිතයන් වාර්තා වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ කඳු තරණයේ දී ඇතිවෙන රෝගී තත්ත්වයන් කොරෝනා වෛරසය ලෙස වරදා වටහාගෙන ඇති බවයි.

නමුත් කඳු නගින්නන් පවසා සිටියේ කොරෝනා ආසාදිතයන් 100ක් පමණ හඳුනාගත් බවත් ඔවුන්ගේ ප්‍රමාණය 150 – 200 දක්වා ඉහළ යාහැකි බවත්ය.

එමෙන්ම කුඩාරම් තුළ සිටින බොහෝ දෙනා හට දැඩි කැස්සක් ඇතුළු කොවිඩ්-19 රෝගයේ මුලික ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බවද කඳුනගින්නන් විසින් පවසා තිබේ.

නේපාලය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් 497,000 ක් සහ මරණ 6,024 ක් වාර්තා වී තිබේ.

නේපාලය තුළ කොරෝනා වසංගත පාලනය සඳහා එන්නත් මිලියන 2ක් පමණ දැනට ලබාදී තිබුණත්, නව එන්නත් ලබාගැනීමට නොහැකි වීම නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාවලියද නවතා දමා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?