ලෝකයේ උසම තැනත් කොරෝනා රෝගීන් 200ක්

ලෝකයේ උසම ස්ථානය ලෙස සලකනු ලබන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට ගිය පුද්ගලයින් 200 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් එවරට් තරණය කරන්නන්ගේ දකුණු ප්‍රධාන කඳවුර වෛරසය ආක්‍රමණය කර අවසන් බවත් සඳහන්.

නේපාලය විසින් මෙම ආසාදිතයන් වාර්තා වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ කඳු තරණයේ දී ඇතිවෙන රෝගී තත්ත්වයන් කොරෝනා වෛරසය ලෙස වරදා වටහාගෙන ඇති බවයි.

නමුත් කඳු නගින්නන් පවසා සිටියේ කොරෝනා ආසාදිතයන් 100ක් පමණ හඳුනාගත් බවත් ඔවුන්ගේ ප්‍රමාණය 150 – 200 දක්වා ඉහළ යාහැකි බවත්ය.

එමෙන්ම කුඩාරම් තුළ සිටින බොහෝ දෙනා හට දැඩි කැස්සක් ඇතුළු කොවිඩ්-19 රෝගයේ මුලික ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බවද කඳුනගින්නන් විසින් පවසා තිබේ.

නේපාලය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් 497,000 ක් සහ මරණ 6,024 ක් වාර්තා වී තිබේ.

නේපාලය තුළ කොරෝනා වසංගත පාලනය සඳහා එන්නත් මිලියන 2ක් පමණ දැනට ලබාදී තිබුණත්, නව එන්නත් ලබාගැනීමට නොහැකි වීම නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාවලියද නවතා දමා තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03