පවර් හිටස්ලා හදන ජූලියන් වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පුහුණු කඳවුරකට එක්වීමේ සූදානමක්

විශේෂඥ ක්‍රිකට් පුහුණුකරුවෙක් වන ජූලියන් වුඩ්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එළඹන ජූලි 30 වන දින සිට අගෝස්තු 5 වන දින දක්වා පැවැත්වෙන මෙම පුහුණු කඳවුරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව-පහර (පවර් හිටිං) කුසලතා වැඩි දියුණු කිරීම ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දුවට පහරදීමේ ශිල්පීය ක්‍රම මුවහත් කරගැනීමට සහ ඔවුන්ගේ සමස්ත ජව ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා ජූලියන් වුඩ් ජාතික පුහුණුකරුවන් සමඟ මෙම කාලය තුළ සමීපව කටයුතු කරනු ඇති.

වුඩ් මීට පෙර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ද කටයුතු කර තිබෙනවා.

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය, ආසියානු කුසලානය සහ අනෙකුත් ජාත්‍යන්තර තරග වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ කොටසක් ලෙස මෙම විශේෂ පුහුණු කඳවුර පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?