පවර් හිටස්ලා හදන ජූලියන් වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පුහුණු කඳවුරකට එක්වීමේ සූදානමක්

විශේෂඥ ක්‍රිකට් පුහුණුකරුවෙක් වන ජූලියන් වුඩ්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එළඹන ජූලි 30 වන දින සිට අගෝස්තු 5 වන දින දක්වා පැවැත්වෙන මෙම පුහුණු කඳවුරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව-පහර (පවර් හිටිං) කුසලතා වැඩි දියුණු කිරීම ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දුවට පහරදීමේ ශිල්පීය ක්‍රම මුවහත් කරගැනීමට සහ ඔවුන්ගේ සමස්ත ජව ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා ජූලියන් වුඩ් ජාතික පුහුණුකරුවන් සමඟ මෙම කාලය තුළ සමීපව කටයුතු කරනු ඇති.

වුඩ් මීට පෙර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ද කටයුතු කර තිබෙනවා.

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය, ආසියානු කුසලානය සහ අනෙකුත් ජාත්‍යන්තර තරග වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ කොටසක් ලෙස මෙම විශේෂ පුහුණු කඳවුර පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04