මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය නාලිකා ත්‍රිත්ත්වයකට එරෙහිව නඩු මගට පිවිස තිබෙනවා.
ඒ තමන් ව මලයාසියාවේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මෙ සමග අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ පුවත් සම්බන්ධයෙනි.
එම පුවත් අසත්‍ය බවත්, තමන් සහ දරුවා නිවසෙහි ජීවත් වන බවත් හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව තමන්ට හා දරුවාට හානිදායක වන අන්දමින් මෙන් ම සිය කීර්ති නාමයට අගතියක් සිදු වන අන්දමින් පුවත් පළ කළ එකී ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය නාලිකා ත්‍රිත්ත්වයට සිය නීතිඥවරයා මාර්ගයෙන් එන්තරවාසි යැවීමටයි මහේෂිකා මධුවන්ති කටයුතු කර ඇත්තේ.
එම අසත්‍ය පුවත නිවැරදි කිරීමට කටයුතු නොකළහොත් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද සේවාදායිකාවගේ නීතිඥවරයා එන්තරවාසි යොමු කරමින් පවසනවා.














Puduma kepakireemak karala jeewithayama godadagatta nambukara viyaparayak karapu mulu tharuna tharuniyantama hetak nirmanaya karamin samajaye ihalama thenaka innawa balan inna beri channel walata nadun dannama ona. Nethnam oya keerthi namayata kala haniya makanna be. Maheshika madamta yayawewa.
😛
කීර්තිනාමය. 😂