රූපවාහිනී මාධ්‍ය නාලිකා තුනකට එරෙහිව හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ මිලියන 500ක වන්දි ඉල්ලයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය නාලිකා ත්‍රිත්ත්වයකට එරෙහිව නඩු මගට පිවිස තිබෙනවා.

ඒ තමන් ව මලයාසියාවේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මෙ සමග අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ පුවත් සම්බන්ධයෙනි.

එම පුවත් අසත්‍ය බවත්, තමන් සහ දරුවා නිවසෙහි ජීවත් වන බවත් හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තමන්ට හා දරුවාට හානිදායක වන අන්දමින් මෙන් ම සිය කීර්ති නාමයට අගතියක් සිදු වන අන්දමින් පුවත් පළ කළ එකී ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය නාලිකා ත්‍රිත්ත්වයට සිය නීතිඥවරයා මාර්ගයෙන් එන්තරවාසි යැවීමටයි මහේෂිකා මධුවන්ති කටයුතු කර ඇත්තේ.

එම අසත්‍ය පුවත නිවැරදි කිරීමට කටයුතු නොකළහොත් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද සේවාදායිකාවගේ නීතිඥවරයා එන්තරවාසි යොමු කරමින් පවසනවා.

  1. Puduma kepakireemak karala jeewithayama godadagatta nambukara viyaparayak karapu mulu tharuna tharuniyantama hetak nirmanaya karamin samajaye ihalama thenaka innawa balan inna beri channel walata nadun dannama ona. Nethnam oya keerthi namayata kala haniya makanna be. Maheshika madamta yayawewa.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14