සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ජොහාන් පීරිස් (වීඩියෝ)

කඳු තරණයේ ශ්‍රී ලාංකික විශිෂ්ටයකු වන ජොහාන් පිරිස් පසුගියදා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි.

මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිදු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස් කඳු මුදුන්වල ශ්‍රී ලාංකේය ධජය සිටුවීමට කටයුතු කරනු ලැබුවා.

මහාද්වීප 6ක උසම කඳු මුදුන් තරණය කළ ජොහාන්ගේ අවසාන ඉලක්කය වූයේ උතුරු අමෙරිකාවේ දුෂ්කරම කඳු මුදුන වන ඩෙනාලි (6,190m) තරණය කිරීමයි.

එහිදී සෙල්සියස් අංශක 0ටත් වඩා අඩු සීතල මධ්‍යයේ, දුෂ්කර කාලගුණික තත්ත්වයන්ට මුහුණදෙමින් අධික බරක් ඔසවාගෙන කඳු මුදුන තරණය කිරීමට ද යොහාන්ට සිදු වුණා.

අවසාන ගමනේදී මීටර් 5743ක උසකින් යුත් කඳවුරට ළඟා වූ ඔහුට දරුණු කුණාටු හා හිම කුණාටු හේතුවෙන් ආපසු හැරි යන්නට ද සිදු වූ බවයි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ.

2014 වසරේදී මීටර් 5895ක් වූ අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කඳු මුදුන (Mount Kilimanjaro) තරණය කරමින් සිය ගමන ආරම්භ කළ ඔහු 2016 වසරේදී ආසියාවේ එවරස්ට් කන්ද (Mount Everest) තරණය කිරීමට උත්සාහ ගනු ලැබුවා.

එහෙත් එය අසාර්ථක උත්සාහයක් වුණා.

එහෙත් සිය උත්සාහය අත් නොහළ ජොහාන් 2018 වසරේදී මීටර් 8849 ක එවරස්ට් කඳු මුදුන ජය ගනිමින් තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26