ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශුබ්මන් ගිල් ස්ථාන 15කින් ඉදිරියට පැමිණීමට සමත් ව සිටිනවා.
ඒ පසුගියදා එංගලන්තයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතක හේතුවෙන්.
ගිල් ජූලි 06 වැනි දින වන විට ලෝක ටෙස්ට් පිතිකරුවන් අතරින් ශ්‍රේණිගත කිරීම් හි සයවැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.
මේ අතර එංගලන්තයේ ජෝ රූට් එක් අඩියක් පසුපසට ඇද දමමින් හැරී බෘක් ලොව හොඳම ටෙස්ට් පිතිකරු වශයෙන් මුලසුන ගෙන සිටිනවා.
ජැමී ස්මිත් ද ස්ථාන 10කින් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරුවන්ගේ මුල් දසදෙනා අතරට පැමිණීමට සමත් ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
4
+1
+1
+1
1
+1
2





