විදෙස් රටක නිෂ්පාදිත සෙන්ටිමීටර් 18ක් පමණ දිගැති ඉතා කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සමග යුද හමුදාවෙන් පලා ආ සෙබලෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු පුදුමාතලන් කඳවුරේ සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු සන්තකයේ තිබී සොයාගත් ගිනිඅවිය ඉතාලියේ නිෂ්පාදිත එකක් බවත් වාර්තා වනවා.
පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට ලද තොරතුරක් මත ඌරුබොක්ක – හීගොඩ, ගල්ලෙනමුල්ල ප්‍රදේශයේ දී සැකකරුව අත් අඩංගුවට ගැනුණා.
ඒ පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ නිවසට ගොස් කළ පරීක්ෂාවක දීයි.
ඒ වනවිටත් සැකකරු එම ගිනිඅවිය සිය කලිසම් සාක්කුවේ දමාගෙන සිට තිබෙනවා.
2008 වසරේ දී පුදුමාතලන් යුද හමුදා කඳවුරෙන් පලාවිත් තිබෙන මොහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක් ද සිදු කරන බවට හෙළි ව තිබෙනවා.
සැකකරු ගිනිඅවිය කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තේ දැයි සොයා බැලීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.





