2008 දී හමුදා කඳවුරෙන් පලා ආ සෙබළා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත සෙන්ටිමීටර් 18ක් පමණ දිගැති ඉතා කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සමග යුද හමුදාවෙන් පලා ආ සෙබලෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පුදුමාතලන් කඳවුරේ සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සන්තකයේ තිබී සොයාගත් ගිනිඅවිය ඉතාලියේ නිෂ්පාදිත එකක් බවත් වාර්තා වනවා.

පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට ලද තොරතුරක් මත ඌරුබොක්ක – හීගොඩ, ගල්ලෙනමුල්ල ප්‍රදේශයේ දී සැකකරුව අත් අඩංගුවට ගැනුණා.

ඒ පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ නිවසට ගොස් කළ පරීක්ෂාවක දීයි.

ඒ වනවිටත් සැකකරු එම ගිනිඅවිය සිය කලිසම් සාක්කුවේ දමාගෙන සිට තිබෙනවා.

2008 වසරේ දී පුදුමාතලන් යුද හමුදා කඳවුරෙන් පලාවිත් තිබෙන මොහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක් ද සිදු කරන බවට හෙළි ව තිබෙනවා.

සැකකරු ගිනිඅවිය කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තේ දැයි සොයා බැලීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16