බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේ දී අද (08) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඝාතනයේ ඉලක්කය වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැහැ.
වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුව බවත් හෙළි ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





