කොළඹ දිසා අධිකරණය පීරමින් ඇවිද ගිය අධිකරණ ඇමති අඩුපාඩු සොයයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අද පස්වරුවේ (08) කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

දිසා අධිකරණයේ ලඝු ලේඛණ අංශ, ලේඛනාගාරය, දිසා අධිකරණ පැරණි ලේඛනාගාරය, ආපනශාලා පහසුකම්, පිස්කල් අංශ ඇතුළු අධිකරණ සංකීර්ණයේ අවශ්‍යතා නිරීක්ෂණ කළ අධිකරණ අමාත්‍යවරයා සේවකයින් මුහුණ දී සිටින ගැටළු සහ කාර්යාල ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.

විශේෂයෙන් දිසා අධිකරණ ලේඛනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, විනිසුරුවරුන්ගේ පහසුකම් හා දිසා අධිකරණයේ මේ වන විට සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කළ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන්, කොළඹ දිසා අධිකරණයේ නිලධාරීන් සහ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?