කොළඹ දිසා අධිකරණය පීරමින් ඇවිද ගිය අධිකරණ ඇමති අඩුපාඩු සොයයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අද පස්වරුවේ (08) කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

දිසා අධිකරණයේ ලඝු ලේඛණ අංශ, ලේඛනාගාරය, දිසා අධිකරණ පැරණි ලේඛනාගාරය, ආපනශාලා පහසුකම්, පිස්කල් අංශ ඇතුළු අධිකරණ සංකීර්ණයේ අවශ්‍යතා නිරීක්ෂණ කළ අධිකරණ අමාත්‍යවරයා සේවකයින් මුහුණ දී සිටින ගැටළු සහ කාර්යාල ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.

විශේෂයෙන් දිසා අධිකරණ ලේඛනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, විනිසුරුවරුන්ගේ පහසුකම් හා දිසා අධිකරණයේ මේ වන විට සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කළ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන්, කොළඹ දිසා අධිකරණයේ නිලධාරීන් සහ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

  1. 2009 වසරෙ අවසන්න වූ නඩුවක තීන්දුවෙ මුල් පිටපතක් ලබා ගැනීමට පසුගිය දිනක දිසා අධිකරණයේ ලෙඛනාගාරයට ගියෙමි. පෙ.ව. 9.00 වන විටත් රෙජිස්ට්‍රාර් පැමිණ නැත. 9.15 ට පමණ වන විටත් ඇය බත්මුල දිග හැරගෙන උදේ ආහාරය ගනිමින් සිටියාය. අවශ්‍යතාවන් සදහා පැමිණෙන අයට ඒ සදහා ඉඩ පහසුකම් නැත. අඩුම තරමින් තම ඉල්ලීම් ඉටුකර ගැනීමට දින කීයක් ගත වන බවවත් පවසන්නෙ නැත. ඒ අතර වෙනත් තැරැව් කරුවන් උදව් සදහා ඉදිරිපත් වන බවද නිරීක්ෂණය කලෙමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12