කොටහේන දැරියගේ සිද්ධියට පාසලේ CCTV දර්ශන ගැන පූර්ණ වාර්තාවක් දෙන්න – අධිකරණය

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ CCTV දර්ශන සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (07) නියෝග කළා.

එම පාසලේ සී.සී.ටී.වී දර්ශන පටිගත වූ ඩි.වි.ආර් යන්ත්‍රය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණේ මෙම නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිලධාරීන් සඳහන් කර සිටියේ විමර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සිසිටිවි දර්ශන සටහන් වූ අදාළ ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රැගෙන ගොස් තිබූ බවත්, එසේ පරිපාලන අමාත්‍යාංශයට යොමු කිරීමේ දී ඇතැම් දර්ශන මකා දමා ඇද්ද යන්න පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර විශේෂඥ වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසයි.

මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේදී සැකකාර පාසල් ගුරුවරයා අධිකරණය පෙනී සිටි අතර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කර සිටියේ සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.

පසුගිය අප්‍රේල් 29 වැනි දින කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක සත් මහලින් පැන දිවි තොරකර ගත්තේ යැයිි කියන පාසල් දැරිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජුලි මස 28දා කැඳවීමට නියෝග කළා.

තවද විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58