2025-27 ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන මේ වනවිට නිකුත්ව තිබෙනවා.
ඒ, අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
එහි පළමු තැන ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිව ලැබී ඇත්තේ ප්‍රසාද ලකුණු 24ක් ලබාගනිමින්.
දෙවන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 16ක්.
බංග්ලාදේශය සමඟ නිමාවූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේවෙන් ලකුණු 04ක් සහ දෙවන තරගය ජයගැනීමත් සමඟ ලකුණු 12ක් හිමිවමත් සමඟ ශ්‍රී ලංකාවට එම ප්‍රසාද ලකුණු 16 හිමිව තිබෙනවා.
එංගලන්ත ටෙස්ට් කණ්ඩායම එහි තෙවන ස්ථානයේ රැඳී සිටින අතර, ඉන්දියාව එහි සිවිවන ස්ථානයේ රැඳී සිටිනවා.
මෙම ප්‍රසාද ලකුණු සටහනේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පිළිවෙලින් රැඳී සිටින්නේ පස්වන සහ හයවන ස්ථානවලයි.
මේ අතර 2025-27 ටෙස්ට් ලෝක ශූරතාවලියට අදාළව නවසීලන්තය, පාකිස්ථානය සහ පසුගියවර ශූරතාව දිනූ දකුණු අප්‍රිකාව තවමත් කිසිඳු තරගයක් ක්‍රීඩාකර නැහැ.






